කළුතර මහාධිකරණය විසින් අද (10) පුද්ගලයින් තිදෙනෙකුට මරණ දඩුවම නියම කර තිබේ.
මෙලෙස මරණ දඬුවම නියම කර ඇත්තේ මීට වසර 32කට පෙර පොලුමුගුරුවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ විත්තිකරුවන් තිදෙනෙකුටයි.
එමෙන්ම මහාධිකරණ විනිසුරුවරයා තවත් පුද්ගලයකුට වසර 10 ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කර තිබේ.
මීගමවත්ත ජනපදය, 5 කණුවේ ප්‍රදේශයේ පදිංචිව සිටී ධනපාල ප්‍රනාන්දු නැමැත්තා 1992 ජනවාරි මස 15 හෝ ඊට ආසන්න දිනක නවුත්තුඩුව, කීරන්තිඩිය ප්‍රදේශයේදී පොලු මුගුරුවලින් පහර දී ඝාතනය කිරීම මෙම සැකකරුවන් තිදෙනාට එරෙහිව ඇති චෝදනාවයි.
3, 4 සහ 5 වන විත්තිකරුවන් වන, වලගෙදර, පල්ලේගොඩ පදිංචි මල්මුතුගේ දයාරත්න නොහොත් ඔලිවර්, නවුත්තුඩුව, කීරන්තිඩිය ප්‍රදේශයේ පදිංචි අනගිපුර ආරියරත්න නොහොත් ලොක්කා, 5 කණුව කිරිමැටිය ප්‍රදේශයේ පදිංචි ධර්මතිලක ප්‍රනාන්දු නොහොත් ප්‍රේමතිලක ප්‍රනාන්දු නමැති පුද්ගලයන් හට මෙසේ මරණ දඩුවම් නියම කර ඇත.
1 වන විත්තිකරු වන බේරුවල, කාලවිල ප්‍රදේශයේ පදිංචි අනගිපුර ප්‍රේමතිලක නොහොත් රත්නා යන අයට වසර 10 ක සිර දඩුවම් සහ රුපියල් ලක්ෂ තුනක වන්දියක්ද එකී වන්දිය නොගෙවන්නේ නම් තවත් වසර දෙකක සිර දඩුවමක්ද මහාධිකරණය නියම කළේය.
එකී නඩුවේ 2 වන විත්තිකරු පිළිකා රෝගයකින් මියගොස් ඇති බවට අධිකරණයේදී අණාවරණය වී තිබේ.


