30 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමත්පෙති තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

මත්පෙති තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයෙකු අද (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු සන්තකයේ තිබී මත්පෙති 1000ක් සොයා ගත් බවයි වාර්තා වන්නේ.

පොලීසිය පැවසුවේ, කළුතර – පන්විල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

උප පොලිස් පරීක්ෂක පී ආර් වීරසේන මහතා ට ලද තොරතුරක් මත කළුතර පලාතොට ප්‍රදේශයේ දී සැකකරු පරීක්ෂා කර මත්කරල් 10 බැගින් අඩංගු කාඩ් 100 ක් සොයාගෙන ජාවාරම සදහා යොදාගත් ජංගම දුරකථනයද භාරයට ගෙන තිබේ.

ප්‍රදේශයේ පාසල්වලින් සහ දෙමාපියන්ගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම වැටලීම සිදුකළ බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.

පෙත්තක් රුපියල් 150 කට අලෙවි කරන බවට සැකකරුගේ ප්‍රකාශවලින් අනාවරණය වූ බව වැටලීමට සම්බන්ධ නිලධාරියෙක් පැවසීය.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.