26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදෙස් වෛද්‍ය උපාධි පිළිගන්න නීති හදයි

විදෙස් වෛද්‍ය උපාධි පිළිගන්න නීති හදයි

ජාත්‍යන්තරව පිළිගත් විශ්ව විද්‍යාලවල වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාවේ පිළිගැනීම සඳහා නීති සම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ජාත්‍යන්තරව පිළිගත් විශ්ව විද්‍යාලයන්හි වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාවේ පිළිගැනීම සඳහා පදනම් කර ගත යුතු ප්‍රමිතීන් හා නිර්ණායක ඇතුලත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම පිණිස සහ වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි වෛද්‍ය ආඥා පනතේ විධිවිධාන සංශෝධනය කිරීම පිණිස යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීමට මීට පෙර පැවති කැබිනට් රැස්වීමකදී අනුමැතිය ලබාදී තිබිණි.

ඒ අනුව පත්කරන ලද කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව මත පදනම්ව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව අංක 1 සිට 1000 දක්වා වන විදේශ විශ්වවිද්‍යාල විසින් පිරිනමනු ලබන වෛද්‍ය උපාධි මෙරට පිළිගැනීමට හැකිවන පරිදි අවශ්‍ය නීතිමය විධිවිධාන පැමිණවීම සඳහා පියවර ගැනීම පිණිස ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.