27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsධීවර යාත්‍රාවක් පෙරළී ධීවරයෙක් අතුරුදන්

ධීවර යාත්‍රාවක් පෙරළී ධීවරයෙක් අතුරුදන්

හලාවත – තොඩුවාව මුහුදු තීරයෙන් මසුන් මැරීම සඳහා පිටත්ව ගිය ගිය සුළු පන්න ධීවර යාත්‍රාවක් ගැඹුරු දියඹේදී පෙරළී යාමෙන් සිදු වූ අනතුරකින් එක් ධීවරයෙකු අතුරුදහන් වී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අද අළුයම මෙම අනතුර සිදුවී ඇති බවයි. අතුරුදහන්වී ඇත්තේ මහවැව – මට්ටකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුරට පත්ව ඇති යාත්‍රාවේ සිටි මහවැව – මැදතොඩුවව පදිංචිකරුවෙකු වන අනෙක් පුද්ගලයා වෙනත් යාත්‍රාවකින් ගොඩ බිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අතුරුදහන් වූ ඇති ධීවරයා මෙතෙක් හමුවී නොමැති බවයි තොඩුවාව පොලිසිය සඳහන් කළේ