28 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකාවට ලකුණු 358ක දැවැන්ත ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 358ක දැවැන්ත ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 358ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 357ක් රැස් කළා.

ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් පන්දු 92කින් ලකුණු 92ක් ලබා සිටියදී දිල්ෂාන් මදුෂංකගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

ඔහුගේ ලකුණු 92ට හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් ඇතුලත් වුණා. විරාත් කෝලි ලකුණු 88යි .

ඔහුගේ ලකුණු 88ට හතරේ පහර 11ක් ඇතුලත්. ශ්‍රෙයාස් අයියර් ලකුණු 82යි.

පන්දු යැවීමේදී දිල්ෂාන් මදුෂංක කඩුලු 5ක් බිඳහෙලුවා