25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රධාන ජලාශ 18ක ජල මට්ටම ඉහළට

ප්‍රධාන ජලාශ 18ක ජල මට්ටම ඉහළට

පවතින වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරට ප්‍රධාන ජලාශ 18ක් වාන් මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

දැදුරුඔය, තබ්බෝව, රාජාංගනය, යාන්ඔය, වෙහෙරගල ජලාශය ඇතුළු වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73හි ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි ඉංජිනේරු සුදර්ශනී විදානපතිරණ පැවසුවේ.

ඒ අනුව දිවයින පුරා ජලාශවල ජල මට්ටම 50%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය අක්කර අඩි අට ලක්ෂය ඉක්මවා යාමක් බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.