28.4 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහීනටියන මහේෂ්ගේ ප්‍රධාන ගෝලයා අත්අඩංගුවට

හීනටියන මහේෂ්ගේ ප්‍රධාන ගෝලයා අත්අඩංගුවට

ඩුබායිහී සැඟව සිටිමින් මෙරට අපරාධ රැල්ල මෙහෙයවන හීනටියන මහේෂ්ගේ ප්‍රධාන ගෝලයා අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (06) දින මීගමුව පොලිස් වසමේ, මේරියන් පෙදෙස, කුඩා පාඩුව මීගමුව ප්‍රදේශයේ වැටලීමක් සිදුකර ඇත.

ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී T56 අවි 01 යි, එම අවියට යොදන මැගසින් 03 ක් සහ උන්ඩ 87 සහ 8mm වර්ගයේ පිස්තෝල අවි 01 ක් සහ ෂොට් ගන් අවියට යොදන ජීව උණ්ඩ 15 ක්ද, ව්‍යාජ අංක තහඩු දෙකක්ද අත්අඩංගුවට ගත් බවයි විශේෂ කාර්ය බලකාය පැවසුවේ.