ඇඹිලිපිටිය, කිරලවැල්කඩුව ප්‍රදේශයේදී පුත්‍රයෙකු විසින් සිය මව සහ පියා ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.
පෞද්ගලික ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින්බස්වීමක් උග්‍ර වීමෙන් මෙම ඝාතන සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 58 හැවිරිදි පියෙකු සහ 54 හැවිරිදි මවක බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගේ 26 හැවිරිදි පුත්‍රයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.


