― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමගී ප්‍රවාහන ඩ්‍රෝන සේවාවක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට සැලසුම්

මගී ප්‍රවාහන ඩ්‍රෝන සේවාවක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට සැලසුම්

මගීන් ප්‍රවාහනය කළ හැකි ඩ්‍රෝන යානා සේවාවක් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීම සඳහා පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් (Pilot Project) ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් දමින්ද රඹුක්වැල්ල මහතා සඳහන් කර තිබේ.

මෙම මගී ප්‍රවාහන ඩ්‍රෝන යානයකට පුද්ගලයින් 06 දෙනෙකු දක්වා ගමන් කළ හැකි බවද සඳහන් වේ.

චීනය, සිංගප්පූරුව සහ තායිලන්තය ඇතුළු රටවල් කිහිපයක මෙවැනි ඩ්‍රෝන ප්‍රවාහන ව්‍යාපෘති මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බවද සිවිල් ගුවන් සේවා අධිකාරිය පෙන්වා දෙයි.