― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචීනයේ විදේශ වෙළඳාම 2026 මුල් භාගයේදී වාර්තාගත මට්ටමකට

චීනයේ විදේශ වෙළඳාම 2026 මුල් භාගයේදී වාර්තාගත මට්ටමකට

චීනය මේ වසරේදී විදේශ වෙළඳ කටයුතු ශක්තිමත් ලෙස පවත්වාගෙන යමින් සිටින බව එරට රේගු පරිපාලනය සඳහන් කරයි.

චීන රේගු පරිපාලනය අද (14) නිකුත් කළ නවතම දත්ත වාර්තාවට අනුව, 2026 වසරේ පළමු භාගයේදී චීනයේ භාණ්ඩ ආනයන හා අපනයනවල සමස්ත වටිනාකම යුවාන් ට්‍රිලියන 25.47ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වසරේ මුල් මාස හය තුළදී චීනයේ භාණ්ඩ වෙළඳාම යුවාන් ට්‍රිලියන 25 ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය බව රේගු බලධාරීන් පෙන්වා දෙයි.

මෙම වටිනාකම පසුගිය වසරේ එම කාලය සමඟ සැසඳීමේදී 16.9%ක වර්ධනයක් පෙන්නුම් කරයි.

එහිදී අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 14.73ක් වන අතර, එය පෙර වසරේ මුල් භාගයට සාපේක්ෂව 13.4%ක ඉහළ යාමකි.

එමෙන්ම ආනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 10.74ක් දක්වා වර්ධනය වී ඇති අතර, එය වාර්ෂිකව 22.1%ක වර්ධනයක් බව චීන රේගු පරිපාලනයේ නවතම දත්ත වාර්තාවේ සඳහන් වේ.