26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිස් ලොක්කන් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම්

පොලිස් ලොක්කන් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිසම විසින් නොවැම්බර් 06 වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඒ.ඩී.ජේ. කරවිට අපරාධ දිසාවේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුහුණු හා උසස් පුහුණු ලෙස ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

ඊට අමතරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.එම.ඒ. සේනාරත්න මාතර හා හම්බන්තොට දිසාවේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රජා පොලිස් සංචාරක හා ආයෝජන ලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.