― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsශ්‍රී ලංකාව යුනෙස්කෝ විධායක මණ්ඩලයට තේරී පත්වෙයි

ශ්‍රී ලංකාව යුනෙස්කෝ විධායක මණ්ඩලයට තේරී පත්වෙයි

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ යුනෙස්කෝ විධායක මණ්ඩලයට ශ්‍රී ලංකාව ඡන්ද 144 කින් තේරී පත්ව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඊයේ (15) පැරිසියේදී යුනෙස්කෝ සංවිධානයේ විධායක මණ්ඩල රැස්වීම පැවති අතර එහිදී 2023-2027 කාලසීමාව සඳහා සාමාජිකයින් 58 දෙනෙකු තෝරා පත් කරගෙන තිබේ.

ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලියට සහභාගී වූ සාමාජික රටවල් 188 න් ඡන්ද 144 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව විධායක සභාවේ ආසනය තහවුරු කර ගත්තේය.

ආසියා පැසිෆික් කලාපයේ, යුනෙස්කෝ සාමාජික රටවල් විසින් අපේක්ෂකයින් නව දෙනාගෙන් හය දෙනෙකු තෝරා ගන්නා ලදී.

ශ්‍රී ලංකාව සමඟ පකිස්ථානය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, කොරියාව සහ ඕස්ට්‍රේලියාව මෙම කලාපයේ අනෙකුත් රටවල් වේ.