30.6 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආණ්ඩුව කවුරු ගත්තත් ණය ගෙවීමට බැඳී සිටිනවා

ආණ්ඩුව කවුරු ගත්තත් ණය ගෙවීමට බැඳී සිටිනවා

ආණ්ඩුව කවුරු ගත්තත් ණය ගෙවීමට නීතියෙන් බැඳී සිටින බවත් අප ගත් මෙම ණය නොගෙවුවොත් ඇමරිකා එක්සත් ජනපදයේ හැමිල්ටන් උසාවියේ නඩු පවරනු ඇති බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (17) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අපි ගිනි කන්දක් උඩ තාච්චිය තියාගෙන සොසේජස් බැදගෙන කන ජාතියක් බවයි.

එමෙන්ම ගිනිකන්ද පිපිරුවොත් කවුරුවත් ඉතුරු නොවන බව පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ මේ වන විට තිබෙන ණය ප්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන තිස් හයක් බවයි.

තව වසර විස්සකටත් වැඩි කාලයක් එම ණය ගෙවීමට සිදුවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.