― political ―

මගේ ළඟ ඩීල් දේශපාලනය නෑ – විජේදාස

තමා ළඟ ඩීල් දේශපාලනය නොමැති බවත් තමා පක්ෂයක වැඩබලන සභාපති වුණා කියා තමාගේ ඇමතිකම අහෝසි කිරීමට රජයට කිසිඳු හේතුවක් නොමැති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස...
HomeNewsHealthඩෙංගු දෙවන රැල්ලක් ගැන රතු එළියක්

ඩෙංගු දෙවන රැල්ලක් ගැන රතු එළියක්

ඩෙංගු දෙවන රැල්ලක් දෙසැම්බර් මාසයේ දී පැතිර යාමේ අවදානමක් පවතින බව කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය චන්දන ගජනායක අනතුරු අඟවනවා.

ඩෙංගු පළමු රැල්ල මෙම වසරේ ජුනි සහ ජූලි මාසවල දී පැතිර ගිය බවයි අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.

අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පවසන්නේ මේ වනවිට වැඩිම ඩෙංගු අවදානමක් පවතින්නේ බස්නාහිර පළාත තුළ බවයි.

ඒ අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක තුළ පැවති 50%ක අවදානම 80%ක් දක්වා වර්ධනය වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පැතිරයාමේ අවදානමක් ඇති ඩෙංගු දෙවන රැල්ලක් මෙම අවස්ථවේදීම නවතාගත නොහැකි වුවහොත් ලබන වසර දක්වාම එය පැතිර යන බවයි කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා අනතුරු අඟවා සිටියේ.

මෙම රෝගය වඩාත් ඉක්මනින් පැතිරයාමට හිතකර කාලගුණ තත්ත්වයක් මේ දිනවල පවතින බව සඳහන් කළ ඔහු, ජනතාව සහ රාජ්‍ය, පුද්ගලික අංශ සියල්ල එකතු වී මදුරුවන් බෝවන තැන් විනාශ කිරීමට කටයුතු කළ යුතු බව ද අවධාරණය කර සිටියා.