26.1 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදකුණේ ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම්

දකුණේ ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම්

නිල්වලා ගංඟා ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට මේ වනවිට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් නිල්වලා ගංඟා ද්‍රෝණියේ තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව පස්ගොඩ, පිටබැද්දර, කොටගොඩ, අකුරැස්ස, මාලිම්බඩ, අතුරලිය, තිහගොඩ, මාතර හා දෙව්නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව අනතුරු අඟවනවා.

ඒ අනුව එම ප්‍රදේශවල වෙසෙන ජනයාට සැළකිලිමත්ව පසුවන ලෙස දැනුම් දෙනවා.