26.7 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබෙන්තොට වෙරළේ තරුණයෙක් ගිලෙයි

බෙන්තොට වෙරළේ තරුණයෙක් ගිලෙයි

බෙන්තොට මුහුදු තීරයේ දියනෑමට ගිය තරුණයන් දෙදෙනෙක් දිය රළකට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.

ඉන් එක් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙකා රෝහල්ගත කළ බවයි බෙන්තොට පොලිසිය පවසන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බේරුවල, චීන කොරටුවේ පදිංචි මොහොමඩ් අද්මල් නැමති 22 හැවිරිදි තරුණයෙකි.

ඊයේ සවස 6.00 ට පමණ බෙන්තොට වෙරළ ක්‍රීඩාංගණය අසළ මුහුදේ දිය නාමින් සිටි පිරිසක් අතරින් දියඹට ගසාගෙන යමින් සිටි මොහු සහ අනෙකා ජීවිතාරක්ෂක නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසීන් විසින් මුදාගෙන ඇති අතර ඒ වනවිටත් එක් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව සිටි බවයි පොලිසිය පැවසුවේ.