25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබෙලිඅත්තේ ඝාතකයින් පැමිණි ජීප් රථය හමුවෙයි

බෙලිඅත්තේ ඝාතකයින් පැමිණි ජීප් රථය හමුවෙයි

බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනය සිදුකිරීමට වෙඩික්කරුවන් පැමිණි ජීප් රථය හමුවී තිබෙනවා.

පොලීසිය පැවසුවේ ගාල්ලේ, විද්‍යාලෝක පිරිවෙනේ රථ ගාලේ තිබීයදී මෙම ජීප් රථය සොයාගත් බවයි.

වෙඩික්කරුවන් පැමිණි ජිප් රථය මේ වනවිට පරිහරණය කරන පුද්ගලයා කවුරුන්ද යන්නද හඳුනා ගැනීමට හැකියාව ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම ප්‍රහාරය සම්බන්ධීකරණය කරන ලද පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස්‌ මෙහෙයුමක් ඊයේ රාත්‍රියේ දියත් කර තිබුණා.

මෙම ප්‍රහාරයට හමුදාවට සම්බන්ධ අයෙක්ද පැමිණ ඇති බව මේ වනවිටත් තහවුරු වී ඇති බවයි පොලිස් ආරංචිමාර්ග සඳහන්.