28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්‍රේන සිරකරුවන් රැගත් ගුවන්යානයක් කඩා වැටෙයි

යුක්‍රේන සිරකරුවන් රැගත් ගුවන්යානයක් කඩා වැටෙයි

යුක්රේන යුද සිරකරුවන් 65 දෙනෙකු රැගත් රුසියානු Ilyushin Il-76 හමුදා ප්‍රවාහන ගුවන් යානයක් රුසියාවේ Belgorod කලාපයේදී කඩා වැටී තිබෙනවා.

රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් රුසියානු රාජ්‍ය මාධ්‍ය මෙය තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් කියා සිටියේ ගුවන් අනතුර පිළිබඳ සොයා බලන බවයි.

යුක්රේන දේශසීමාව ආසන්නයේ Belgorod ප්‍රදේශයේදී හමුදා ගුවන් යානයක් කඩා වැටී ඇති බව සඳහන්. සිරකරු හුවමාරුව සඳහා ප්‍රවාහනය කරන ලද යුක්රේන හමුදා භටයින් 65 දෙනෙකු, කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු සහ පරිවාර භටයින් තිදෙනෙකු යානයේ සිටි බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

යානය කඩා වැටීමට හේතුව කුමක් ද යන්න තවමත් තහවුරු වී නැහැ. රුසියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් චෝදනා කර ඇත්තේ යුක්රේනය යානය බිම හෙළූ බවටයි.

නමුත් ඔහු ඊට අදාළව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැති බව සඳහන්.