26.7 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsCCTV ඔස්සේ වැරදි හඳුනාගෙන දඩ පත්‍රිකා නිකුත් කිරීම ඇරඹේ

CCTV ඔස්සේ වැරදි හඳුනාගෙන දඩ පත්‍රිකා නිකුත් කිරීම ඇරඹේ

පසුගිය 28 වැනිදා සිට ආරම්භ කළ සීසීටීවී කැමරා ඔස්සේ ලබා ගන්නා දර්ශන මඟින් රථවාහන වැරදි හඳුනාගැනීම සහ දඩ පත්‍රිකා නිකුත් කිරීම ඊයේ (01) ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව පැවසුවේ කොළඹ නගරයේ ස්ථාපිත කර ඇති සීසීටීවී කැමරා ඔස්සේ ලබා ගන්නා දර්ශන විශ්ලේෂණය කර මෙම දඩ පත්‍රිකා නිකුත් කරන බවයි.

ඒ අනුව රියදුරෙකු විසින් කොළඹ නගරය තුළ ස්ථාපිත සීසීටීවී කැමරා පද්ධතියට හසුවන ලෙස වරදක් සිදු කළ හොත් දඩ පත්‍රිකා ලබා දීම හෝ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.