34.5 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෘතිම බුද්ධිය පිළිබඳ පාඨමාලා පාසල්වලටත්

කෘතිම බුද්ධිය පිළිබඳ පාඨමාලා පාසල්වලටත්

පාසල්වල කෘතිම බුද්ධිය පිළිබඳ පාඨමාලා හඳුන්වාදීම සම්බන්ධයෙන් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඊයේ (12) රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි මෙම අනුමැතිය හිමිව ඇත්තේ.

මෙම නියමු ව්‍යාපෘතිය මයික්‍රෝසොෆ්ට් ආයතනයේ ද සහාය ඇතිව ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර ඇති අතර මේ සම්බන්ධයෙන් වන යෝජනාව තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඒකාබද්ධව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණා.