― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeHot Newsදකුණු අප්‍රිකාව පරදා ශ්‍රී ලංකා කාන්තා පිළ ජයගනී

දකුණු අප්‍රිකාව පරදා ශ්‍රී ලංකා කාන්තා පිළ ජයගනී

දකුණු අප්‍රිකාව සමග පැවති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ජය ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (03) සමත් වුණා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහි තරගයක් ජයගත්තේ පළමු වරට වීම විශේෂත්වයකි.

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමඟ පැවැති තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුවද දෙවැනි තරගය ජයගනිමින් තරගාවලියට අවතීර්ණ වුණා.

තරග 3කින් සමන්විත පන්දුවාර 20 තරගාවලිය 2-1ක් ලෙස දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම හමුවේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

තුන්වැනි තරගයේදී පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 06ට ලකුණු 155 ලබාගත් අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවක් තුළ කඩුලු 06ක් දැවී ලකුණු 156ක් ලබාගනිමින් තරගය ජයගනු ලැබුවා.