28.3 C
Colombo
Saturday, May 31, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපොදු සමා කාලයේදී නාවිකයින් 1289 ක් භාර වෙයි

පොදු සමා කාලයේදී නාවිකයින් 1289 ක් භාර වෙයි

පොදු සමා කාලය තුළදී නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි නාවිකයින් 1289 ක් භාර වී තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ අප්‍රේල් මස 20 වැනිදා සිට මැයි 20 වැනිදා දක්වා ප්‍රකාශයට පත් කරන ලද පොදු සමා කාලය තුළ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි නාවිකයින් 1254 දෙනෙකු නාවික හමුදා කඳවුරු වෙතත්, විදේශ ගත නාවිකයින් 35 දෙනෙකු මාර්ගගත ක්‍රමය ඔස්සේත් භාර වී ඇති බවයි.

මෙලෙස භාර වූ නාවිකයින් නීත්‍යානුකූලව ඉවත් කිරීම සඳහා කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.