― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsදිලිත්, විමල්, ගම්මන්පිලගෙන් නව සන්ධානයක්

දිලිත්, විමල්, ගම්මන්පිලගෙන් නව සන්ධානයක්

‘සර්ව ජන බලය’ නමින් අද (27) නව දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවා තිබෙනවා.

‘එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්’ යන්න තේමා කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව මෙම නව දේශපාලන ව්‍යාපාරය පිහිටුවා තිබෙනවා.

මේ සඳහා මව්බිම ජනතා පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, යුතුකම ජාතික සංවාද කවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය ගිවිසුම්ගත වීම අද සිදු වුණා.

ඒ අනුව මෙම නව දේශපාලන ව්‍යාපාරය පිහිටුවීමේ ලිඛිත ගිවිසුමට අත්සන් කිරීම අද (27) කොළඹ දී සිදුකෙරුණා.