― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsහෑන්ඩ් ෆ්‍රී එකක් නිසා තරුණයෙක් දුම්රියට බිලිවෙයි

හෑන්ඩ් ෆ්‍රී එකක් නිසා තරුණයෙක් දුම්රියට බිලිවෙයි

හෑන්ඩ් ෆ්‍රී ගසාගෙන දුම්රිය මාර්ගයේ ගමන් කළ තරුණයෙක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව දකුණු කළුතර පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි මොහොමඩ් ඉමාත් නමැති තරුණයෙකි.

දුම්රිය නියාමකවරයාගේ ප්‍රකාශවලට අනුව මියගිය තරුණයා කටුකුරුන්ද සිට කළුතර බලා ගමන් කරමින් සිටියදී අලුත්ගම සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක ගැටී තිබෙනවා.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු කළුතර ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට නියමිතයි.