― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentකන්ටේනර් - යතුරුපැදි අනතුරෙන් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

කන්ටේනර් – යතුරුපැදි අනතුරෙන් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

අවිස්සාවේල්ල, ඉලුක්පිටියේ ප්‍රදේශයේදී අද (29) මාරක රිය අනතුරක් සිදුව තිබෙනවා.

සිමෙන්ති පැටවූ කන්ටේනර් රථ යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ මෙම රිය අනතුරෙන් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

අනතුරෙන් යතුරුපැදියේ ගමන් ගත් පොලිස් නිලධාරියෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂය පත්වූ අතර තවත් පොලිස් නිලධාරියෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා රාජකාරී කටයුත්තක් සඳහා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබුණා.