24.5 C
Colombo
Tuesday, December 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිරෝධතාකරුවන් බංග්ලාදේශ අගමැති නිල නිවස අත්පත් කර ගනී

විරෝධතාකරුවන් බංග්ලාදේශ අගමැති නිල නිවස අත්පත් කර ගනී

බංගලාදේශයේ ඩකා අගනුවර පිහිටි අගමැති නිල නිවස ඊයේ (05) පෙරවරුවේ විරෝධතාකරුවන් විසින් අත්පත් කර ගෙන තිබුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ශිෂ්‍ය විරෝධතාවලට ප්‍රතිචාර වශයෙන් බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පිටව ගොස් ඇති බවයි.

මේ වනවිට බංග්ලාදේශය අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම කෙරෙහි එරට හමුදාව සහ දේශපාලන බලධාරීන් සාකච්ඡා කරමින් සිටිනවා.

බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් විසින් සිරගත කෙරුණු බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය කලීඩා ෂියා නිදහස් කරන ලෙස එරට රජයට නියෝග කර තිබෙනවා.

එමෙන්ම පසුගිය සති කිහිපය පුරා එරට පැවති විරෝධතා අතරතුර අත්අඩංගුවට ගැණුනු ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඇතුළු පිරිස ද වහා නිදහස් කරන ලෙසයි ජනාධිපතිවරයා නියෝග කර ඇත්තේ.

පනවා ඇති ඇඳිරි නීතියද නොතකා අග්‍රාමාත්‍ය නිල නිවසට කඩාවැඳුණු විරෝධතාකරුවන් එහි ඇති බඩු බාහිරාදිය රැගෙන අයුරු දැක්වෙන වීඩියෝපටයක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.