25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපතිට එරෙහි පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට

ජනපතිට එරෙහි පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට

වැඩබලන පොලිස්පතිවරයා පත්කිරීමට අපොහොසත් වීම, ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් නොකිරීම පදනම් කරගෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ නුසුදුස්සකු බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා පෙත්සම්කරුවෙකු විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එමෙන්ම නඩු ගාස්තු වශයෙන් රුපියල් 50,000 ක් ගෙවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුවාට නියෝග කර තිබෙනවා.

නීතිපතිවරයාගේ නියෝජිත අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ තර්ක කළේ පෙත්සමේ අසත්‍ය තොරතුරු අඩංගු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 92 වැනි වගන්තිය උල්ලංඝනය කර ඇති බවත්ය.