25 C
Colombo
Saturday, May 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවියට්නාමයට බලපෑ 'යාගි' ජීවිත 21ක් බිලිගනී

වියට්නාමයට බලපෑ ‘යාගි’ ජීවිත 21ක් බිලිගනී

වියට්නාමයට බලපා ඇති ‘යාගි’ සුළි කුණාටුවෙන් දිවි අහිමි වූවන්ගේ ගණන තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සුළි කුණාටුවෙන් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 229 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

තවත් පුද්ගලයින් රැසක් මෙම සුළි කුණාටුවෙන් අතුරුදන් වී ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

‘යාගි’ සුළි කුණාටුව පැයට කිලෝමීටර 203ක පමණ වේගයකින් වියට්නාමය වෙත කඩා වැදී තිබූ අතර මෙම වසර තුළ ආසියාවට බලපෑ දරුණුතම සුළි කුණාටුව මෙය වන බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් වියට්නාමයේ ප්‍රදේශ රැසක ජල ගැලීම් සහ දරුණු නායයෑම් තත්ත්වයන්ද වාර්තා වනවා.