― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගායන ශිල්පී රුක්මන් අසිතගේ අවසන් කටයුතු හෙට

ගායන ශිල්පී රුක්මන් අසිතගේ අවසන් කටයුතු හෙට

අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායන ශිල්පී රුක්මන් අසිත මහතාගේ අවසන් කටයුතු හෙට (02) පැවැත්වීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය ජූනි 29 වනදා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් ගෞරව දැක්වීමේ සහ ආදාහන කටයුතු හෙට පස්වරු 4.00ට කිරිබත්ගොඩ, මාකොළ, නෙල්ලිගහ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

වකුගඩු රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මීට පෙර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි රුක්මන් අසිත මහතා, එහි ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය.

මියයන අවස්ථාවේදී රුක්මන් අසිත මහතා 48 වන වියේ පසුවිය.