ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්ත අනුව, මෙ වසරේ මේ වන විට ඩෙංගු රෝගීන් 55,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙතෙක් සටහන් වී ඇති මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55,406ක් වන අතර, ඩෙංගු මරණ සංඛ්‍යාව 32ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය පැය 24 තුළ පමණක් රෝගීන් 1,024 දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කරයි.
තවද ජූනි මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 21,565ක් වාර්තා වී ඇති අතර, ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් සටහන් වී ඇත.
දිස්ත්‍රික් වශයෙන් බලන විට කොළඹින් රෝගීන් 11,392ක් සහ ගම්පහින් 11,006ක් ලෙස ඉහළ සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
මදුරුවන් බෝවන ස්ථාන නිසි ලෙස පිරිසිදු කිරීම ජනතාව විසින් සම්පූර්ණයෙන්ම සිදු නොකිරීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි. ඉදිරියේදී රෝගීන් සංඛ්‍යාව අඩු කරගැනීමට නම් මදුරු බෝවීම් ස්ථාන සම්පූර්ණයෙන්ම විනාශ කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු අවධාරණය කරයි.
එමෙන්ම ඩෙංගු ව්‍යාප්තිය වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ රාජ්‍ය ආයතන හා පාසල් ආශ්‍රිතව බැවින් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙසද වෛද්‍ය කපිල කන්නංගර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.


