වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් යල කන්නයේ වී තොග රජය විසින් මිලදී ගන්නා සහතික මිල ගණන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120ක් ලෙසද, සම්බා වී කිලෝවක් රුපියල් 130ක් ලෙසද, කීරි සම්බා සඳහා කිලෝවකට රුපියල් 140ක් ලෙසද රජය විසින් මිලදී ගැනීම් සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
මේ අතර පවතින සහල් තොග ඉක්මනින්ම පාරිභෝගිකයන් වෙත මුදාහැරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.


