― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද සිට දිවයින පුරා දින 03ක මදුරු මර්දන වැඩසටහනක්

අද සිට දිවයින පුරා දින 03ක මදුරු මර්දන වැඩසටහනක්

අද (02) දිනයේ සිට දිවයින පුරා දින 03ක මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍ය පැවසුවේ Clean Sri Lanka වැඩසටහන මෙන්ම දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් මෙම විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනට සම්බන්ධ වන බවයි.

වසරේ ගත වූ කාල සීමාව තුළ මෙරටින් ඩෙංගු රෝගින් 55,406ක් වාර්තා වී ඇති අතර, සිදුව ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 32ක්.

මේ අතර ඩෙංගු අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස සංඛයාව 124ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා