― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන තවත් සමාගම් 25ක් ශ්‍රී ලංකා මහ...

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන තවත් සමාගම් 25ක් ශ්‍රී ලංකා මහ බැංකුව හෙළිකරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා නව නිවේදනයක් නිකුත් කර තිබේ.

1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83(ඇ) වගන්තියට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව “Infinity Rover (Pvt) Ltd” ආයතනය තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නිරතව සිටීම, එය පවත්වාගෙන යාම සහ ප්‍රවර්ධනය කිරීම සිදු කර ඇති බවට මහ බැංකුව විසින් නිර්ණය කර ඇත.

එම පනතේම 83(ඇ) වගන්තිය යටතේ තවත් ආයතන සහ යෙදවුම් (Apps) කිහිපයක්ද මෙවැනි තහනම් පිරමීඩ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර ඇති බවට හඳුනාගෙන ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව, පහත සඳහන් ආයතන සහ යෙදවුම් මෙම ලැයිස්තුවට ඇතුළත් වන බව දන්වා ඇත:

  1. Tiens Lanka Health Care (Pvt) Ltd
  2. Best Life International (Pvt) Ltd
  3. Mark – Wo International (Pvt) Ltd
  4. V M L International (Pvt) Ltd
  5. Global Lifestyle Lanka (Pvt) Ltd
  6. Fast3Cycle International (Pvt) Ltd
  7. Sport Chain app / Sport Chain zs society Sri Lanka
  8. OnmaxDT
  9. MTFE App / MTFE SL Group / MTFE Success Lanka / MTFE DSCC Group
  10. Fastwin (Pvt) Ltd
  11. Fruugo Oline App / Fruugo Oline (Pvt) Ltd
  12. Ride to Three Freedom (Pvt) Ltd
  13. Qnet / Questnet
  14. Era Miracle (Pvt) Ltd සහ Genesis Business School
  15. Ledger Block
  16. Isimaga International (Pvt) Ltd
  17. Beecoin App සහ Sunbird Foundation
  18. Windex Trading
  19. The Enrich Life (Pvt) Ltd
  20. Smart Win Entrepreneur (Pvt) Ltd
  21. Net Fore International (Pvt) Ltd / Netrrix
  22. Pro Care (Pvt) Ltd / Shade of Procare (Pvt) Ltd
  23. SGO / sgomine.com
  24. I.C.A.N Advertising (Pvt) Ltd සහ එයට අනුබද්ධ icanonlineadvertising.com / bannercuts.com / bannercuts.lk / bannercuts.net / bannercuts.org
  25. Infinity Rover (Pvt) Ltd