‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට අදාළ ජුනි මාසයේ වැඩිහිටි දීමනාව හෙට (03) දිනයේදී ප්‍රතිලාභලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දී තිබේ.
ඒ අනුව පළමු අදියර යටතේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 621,761 දෙනෙකු සඳහා රු. 3,108,805,000.00 ක මුදලක් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම බැර කිරීමට නියමිතය.
එසේම දෙවන අදියර යටතේ ද අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 76,139 දෙනෙකුට අදාළව රු. 380,695,000.00 ක මුදලක්ද ඔවුන්ගේ ‘අස්වැසුම’ බැංකු ගිණුම් වෙත බැර කිරීමට සැලසුම් කර ඇති බවද එම මණ්ඩලය සඳහන් කරයි.


