අගෝස්තු මාසයේදී ඉන්දීය ටෙස්ට් කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරයකට
තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීම සඳහා ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (02) නිල වශයෙන් නිවේදනය කළේය.
මෙම තරගාවලිය 2025–2027 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ නිල තරග මාලාවක් ලෙස පැවැත්වීමට නියමිතය.
තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අගෝස්තු 15 සිට 19 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
අනතුරුව දෙවැනි ටෙස්ට් තරගය අගෝස්තු 23 සිට 27 දක්වා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත.


