― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල තවත් පහතට

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල තවත් පහතට

විදෙස් මාධ්‍ය වාර්තා අනුව ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල අඛණ්ඩව පහළ යමින් පවතින බව සඳහන් වේ.

මේ වන විට බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 71 සීමාවට වඩා අඩු මට්ටමක පවතින අතර WTI බොර තෙල් බැරලයක මිල ද ඩොලර් 68ට වඩා පහළ අගයකින් සටහන් වී ඇත.

වර්තමාන දත්ත අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 70.79ක් ලෙසත් WTI බොර තෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 67.71ක් ලෙසත් වාර්තා වේ.

එමෙන්ම ජූනි 30 වනදා මෙම මිල ගණන් පිළිවෙළින් අමෙරිකානු ඩොලර් 72.95ක් සහ අමෙරිකානු ඩොලර් 69.50ක් ලෙස සටහන් වී තිබුණි.