මට්ටක්කුලිය ප්‍රදේශයේ සිදුකළ පොලිස් මෙහෙයුමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 140ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මට්ටක්කුලිය ෆර්ගියුසන් පාර ප්‍රදේශය ආශ්‍රිතව මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇති අතර, එහිදී සැකකරු අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මෙම සැකකරු සතුව තිබී මත්ද්‍රව්‍ය වෙළඳාමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් 50,000ක මුදලක් සහ එම ජාවාරමට භාවිත කළ ජංගම දුරකථන දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබේ. ඔහු වයස අවුරුදු 40ක් වන කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ අතර, මොරටුව ෆ්රැන්සිස්කු වීදිය ප්‍රදේශයේදීද තවත් වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 107ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.
එම කාන්තාව සතුව තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් විසිපහ ලක්ෂ හැටඑක්දහස් එකසියක මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබේ.


