― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද සිට බස් ගාස්තු සංශෝධනය වෙයි

අද සිට බස් ගාස්තු සංශෝධනය වෙයි

අද (06) සිට දිවයින පුරා නව බස් ගාස්තු සංශෝධනය බලාත්මක කර තිබේ.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් පසුගියදා සියයට 12 සිට සියයට 20 දක්වා බස් ගාස්තු ඉහළ නැංවීමට අනුමැතිය ලබාදී තිබුණි.

ඒ අනුව මෙතෙක් රුපියල් 30ක්ව පැවති අවම බස් ගාස්තුව අද සිට රුපියල් 34ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සුඛෝපභෝගී බස් රථ සේවා සහ අධිවේගී මාර්ගවල ධාවනය වන බස් රථවල ගාස්තු ද ඒ සමඟ සංශෝධනය කර ඇත.

නව ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් බස් රථ සේවකයින් දැනුවත් කිරීමටත්, ප්‍රවේශපත් නිකුත් කිරීමේ යන්ත්‍ර යාවත්කාලීන කිරීමටත් අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේය. එමෙන්ම නව ගාස්තු නිසි ලෙස ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම සඳහා අද සිට දිවයින පුරා විශේෂ පරීක්ෂණ ද ආරම්භ කිරීමට නියමිත බව ද එම කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ ප්‍රවේශපත් නිකුත් කිරීමේ යන්ත්‍ර සම්පූර්ණයෙන්ම යාවත්කාලීන කිරීමට තවත් දින දෙකක පමණ කාලයක් අවශ්‍ය වනු ඇති බවයි.