ජූලි සිට සැප්තැම්බර් දක්වා එල් නිනෝ සංසිද්ධිය තවදුරටත් තීව්‍ර විය හැකි බවට අනාවැකි
ලොව පුරා උෂ්ණත්වය ඉහළ යාමට බලපාන ප්‍රධාන දේශගුණික සංසිද්ධියක් වන එල් නිනෝ තත්ත්වය ජූලි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ තවත් තීව්‍ර වීමේ හැකියාවක් පවතින බව ලෝක කාලගුණ විද්‍යා සංගමය පෙන්වා දෙයි.
එල් නිනෝ සංසිද්ධිය දුර්වල, මධ්‍යස්ථ, දැඩි සහ ඉතා දැඩි ලෙස මට්ටම් හතරකට වර්ගීකරණය කර ඇති අතර, මෙවර එය වර්ගීකරණය කර ඇත්තේ තුන්වන ඉහළම මට්ටමටය.
මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් සාගර කලාපයේ මුහුදු පෘෂ්ඨයේ උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා අසාමාන්‍ය ලෙස ඉහළ යන ස්වභාවික දේශගුණික රටාව එල් නිනෝ ලෙස හඳුන්වයි.
මෙම සංසිද්ධිය සාමාන්‍යයෙන් වසර දෙකත් හතත් අතර කාලයකට වරක් ඇති වන අතර, එය මාස නවයක සිට වසරක පමණ කාලයක් දක්වා පැවතිය හැකි බව සඳහන් වේ.
තුන්වන ඉහළම මට්ටම ලෙස සැලකෙන්නේ සාගර පෘෂ්ඨයේ උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වයට වඩා සෙල්සියස් අංශක 1.5 සිට 2.0 දක්වා ඉහළ යාමයි.
ශ්‍රී ලංකාව වැනි සමකයට ආසන්න රටවල් මෙම එල් නිනෝ තත්ත්වයෙන් සෘජු ලෙස බලපෑමට ලක්විය හැකිය.
වී ඇතුළු අනෙකුත් බෝග වගාවන් සඳහා අවශ්‍ය ජලය හිඟ වීම හේතුවෙන් අස්වැන්න පහළ යාමේ අවදානමක් මතුවිය හැකිය.
එමෙන්ම ප්‍රධාන ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහත වැටීම නිසා ජල විදුලි නිෂ්පාදනයටද බාධා එල්ල විය හැකි බව සඳහන් වේ.
අධික උෂ්ණත්වය හේතුවෙන් විජලනය, සූර්යතාපය සහ උණ වැනි රෝග තත්ත්වයන් ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවද වැඩි විය හැකිය.
පරිසර විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, ගෝලීය දේශගුණික විපර්යාස සහ මිනිසා විසින් සිදුකරන හරිතාගාර වායු විමෝචනය හේතුවෙන් ස්වභාවිකව ඇතිවන එල් නිනෝ සංසිද්ධියේ බලපෑම පෙරට වඩා සැලකිය යුතු ලෙස දරුණු වී ඇති බවයි.


