ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස සැලකෙන ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති අවසන් තරගයේදී සත්කාරක එංගලන්ත කණ්ඩායම කඩුලු 7කින් පරාජය කළ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි20 ලෝක ශූරතාව දිනාගත්හ.
මෙම ජයග්‍රහණයත් සමඟ ඔස්ට්‍රේලියාව සිය ඉතිහාසයේ 7වැනි වරටත් විස්සයි20 ලෝක කුසලානය අත්කර ගනිමින්, කාන්තා විස්සයි20 ක්‍රිකට් පිටියේ තම ආධිපත්‍යය තවදුරටත් තහවුරු කිරීමට සමත් වූහ.
අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 150ක් රැස්කරමින් ඔස්ට්‍රේලියාවට ලකුණු 151ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දුන්නේය.
එම ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියානු පිතිකාරිනියෝ තරගයේ මුල් අවස්ථාවේ සිටම ප්‍රබල ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වෙමින් එංගලන්ත පන්දු යවන්නියන්ට දැඩි පීඩනයක් එල්ල කළ අතර, තරගයේ පාලනය ද තමන් සතු කරගත්හ.
අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී පන්දුවාර 17.1ක් තුළදී ජයග්‍රාහී ඉලක්කය සපුරාලමින් ඔස්ට්‍රේලියාව තවත් ලෝක ශූරතාවක් සිය නමට එක්කර ගැනීමට සමත් විය.


