― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද සිට 10 වෙනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි

අද සිට 10 වෙනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි

ජූලි මාසයේ පළමු පාර්ලිමේන්තු සතිය අදින් ඇරඹේ

ජූලි මාසයට අදාළ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතිය අද (07) ආරම්භ වන අතර, එය ජූලි 10 දක්වා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය දැනුම් දෙයි.

අද දින දූෂණ විරෝධී පනත යටතේ වන නියෝග සහ පුරාවස්තු ආඥා පනතට අදාළ නියෝග විවාදයට ගෙන ඒවා අනුමත කිරීම සඳහා සභාවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.

හෙට (08) ගෙවීම් සහ බේරුම් කිරීමේ පද්ධති පනත යටතේ වන නියෝග, රේගු ආඥා පනත, මෝටර් වාහන පනත සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නිකුත් කර ඇති නියෝග පිළිබඳ විවාද පැවැත්වීමට නියමිතය.

බදාදා (09) දිනයේදී විපක්ෂය ඉදිරිපත් කරන විදේශ ශ්‍රමිකයන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදය පැවැත්වෙන බව ද පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරයි.

එමෙන්ම ජූලි 9 දින මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුතියට අදාළ (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් තුනේ දෙවන වර කියවීමේ විවාදය ද පැවැත්වීමට නියමිතය.

සතියේ අවසන් රැස්වීම් දිනය වන ලබන සිකුරාදා (10) පෞද්ගලික මන්ත්‍රී යෝජනා හතක් විවාදයට ගැනීමට සැලසුම් කර ඇති බව ද පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර ඇත.