🚨 හිටපු ජනාධිපතිවරයාගේ හිටපු පෞද්ගලික ලේකම්ට ඇප නොලැබෙයි
⚖️ ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගෙන ඇති බවට පවතින සැකයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සුගීශ්වර බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම අද (08) කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය ප්රතික්ෂේප කළේය.
📌 සැකකරුට ඇප ලබාදීමට ප්රමාණවත් සුවිශේෂී කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් වී නොමැති බව සඳහන් කළ කොළඹ කොටුව මහෙස්ත්රාත් පසන් අමරසේන මහතා, එම ඉල්ලීම ප්රතික්ෂේප කරන ලෙස නියෝග කළේය.
🗓️ ඒ අනුව, සුගීශ්වර බණ්ඩාර මහතා ලබන 22 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කර තිබේ.


