― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsBREAKING NEWS : හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අත්අඩංගුවට

BREAKING NEWS : හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා අද (08) අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, අල්ලස් කොමිෂන් සභාව සිදුකරමින් පවතින විමර්ශනයකට අදාළව බව වාර්තා වේ.

අදාළ විමර්ශනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (08) පෙරවරුවේ අල්ලස් කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

ජගත් පුෂ්පකුමාර මහතා මීට පෙර විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා සහ පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර ඇත.