― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරේගුවෙන් මාස 6කදී බදු ඉලක්කය ඉක්මවයි

රේගුවෙන් මාස 6කදී බදු ඉලක්කය ඉක්මවයි

2026 වසරේ පළමු මාස හය (ජනවාරි – ජූනි) තුළ බදු ආදායම ලෙස රුපියල් බිලියන 1,373ක වාර්තාගත මුදලක් උපයා ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබේ.

මෙය වසරේ මුල් මාස හය සඳහා ලබා දී තිබූ බදු ඉලක්කයට වඩා සියයට 22ක කැපී පෙනෙන ඉහළ යෑමක් බව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේය.

මෙම වසර (2026) සඳහා රජය විසින් රේගුව වෙත ලබා දී ඇති සමස්ත බදු ඉලක්කය රුපියල් බිලියන 2,206.9කි. ඒ අනුව වසරේ මුල් මාස හය ඇතුළත රැස්කරගත යුතුව තිබුණේ රුපියල් බිලියන 1,060ක මුදලක් බව කී ඒ මහතා, රේගුව එම ඉලක්කය රුපියල් බිලියන 313කින් ඉක්මවා යෑමට සමත්ව ඇතැයි ද කියා සිටියේය.

මේ වසරේදී මෙරටට මෝටර් රථ ආනයනය සීමා වී බදු ආදායම අඩුවනු ඇතැයි මුලින් අපේක්ෂා කළ ද, වාහන ආනයනය බලාපොරොත්තු වූ පරිදි අඩු නොවීම මෙම බදු ආදායම ශීඝ්‍රයෙන් ඉහළ යෑමට ප්‍රධානතම හේතුව වී ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.