― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsව්‍යාජ ලේඛන සකස් කිරීමට උදව් කළ කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරියක් CID අත්අඩංගුවට

ව්‍යාජ ලේඛන සකස් කිරීමට උදව් කළ කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරියක් CID අත්අඩංගුවට

කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සේවය කළ ඉඩම් රෙජිස්ට්‍රාර්වරියක ව්‍යාජ ලේඛන සකස් කිරීමේ සිද්ධියකට සෘජුවම සම්බන්ධ වූ බවට එල්ල වී ඇති චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, අදාළ කාර්යාලයට අයත් අභ්‍යන්තර රහස්‍ය ලේඛන, විශේෂයෙන් කාර්යාලයේ ගොනු කර ඇති ලේඛන වෙළුම් (Volumes) සහ ඔප්පුවල ද්විතීයික පිටපත් (Secondary Copies) බාහිර පාර්ශව වෙත ලබාදී ඇති බවට ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.

සංවිධානාත්මක අපරාධ සඳහා ආධාර හා අනුබල ලබාදීම, අපරාධකාරී කුමන්ත්‍රණයකට සම්බන්ධ වීම සහ ව්‍යාජ ලේඛන සකස් කර නීත්‍යානුකූල ඉඩම් හිමිකරුවන්ගේ දේපළ වෙනත් පාර්ශවයන් වෙත පැවරීමට (Alienation) පහසුකම් සැලසීම යන චෝදනා යටතේ මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන අඛණ්ඩව සිදුකරමින් පවතිනවා.