― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජොබ් නැතුව සල්ලි තියෙන අය ගැන පොලිසියේ දැඩි අවධානය

ජොබ් නැතුව සල්ලි තියෙන අය ගැන පොලිසියේ දැඩි අවධානය

නීත්‍යානුකූල ආදායම් මාර්ග නොමැතිව කෙටි කාලයක් තුළ විශාල වත්කම් රැස් කරගෙන සුඛෝපභෝගී ජීවන රටාවක් පවත්වාගෙන යන පුද්ගලයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ අවධානය යොමු කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීතිවිරෝධී ක්‍රියාකාරකම් මඟින් උපයාගෙන ඇති බවට සැක කෙරෙන දේපළ හා වත්කම් සම්බන්ධයෙන් විමර්ශන මේ වන විට දිවයින පුරාම අඛණ්ඩව ක්‍රියාත්මක බව ද පොලිසිය පවසයි.

එමෙන්ම, සමාජයේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා සැකසහිත පුද්ගලයන් හෝ නීතිවිරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු පොලිසිය වෙත ලබාදෙන ලෙස මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් ද සිදුකර තිබේ.