― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමීගමුව සිදුවීමෙන් ජිවිතක්ෂයට පත් 24 කගේ මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට

මීගමුව සිදුවීමෙන් ජිවිතක්ෂයට පත් 24 කගේ මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය 28 දෙනාගෙන් 24 දෙනෙකුගේ මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී සිද්ධියෙන් මියගිය පුද්ගලයින් 28 දෙනාගෙන් 24 දෙනෙකුට අදාළ මරණ පරීක්ෂණ වාර්තා අද (09) අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

එම වාර්තාවලට අනුව පුද්ගලයින් 14 දෙනෙකු වෙඩි වැදීමෙන් සහ තවත් 9 දෙනෙකු පහරදීම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

මෙම සිද්ධියෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් 8 දෙනාගෙන් 5 දෙනෙකුගේ අවසන් කටයුතු අද (09) සිදුකෙරුණා. තවත් බන්ධනාගාර නිලධාරීන් 14 දෙනෙකු මේ වනවිටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

පසුගිය 5 සහ 6 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ මෙම සිද්ධියෙන් මියගිය පුද්ගලයින් 24 දෙනෙකු සම්බන්ධයෙන් පැවති මරණ පරීක්ෂණවල සාක්ෂි විමසීම අවසන් කර තිබෙනවා.

එම වාර්තා අනුව මරණ 14ක් වෙඩි තැබීම් හේතුවෙන් සිදුව ඇති අතර, මරණ 9ක් පහරදීම් හේතුවෙන් සිදුව ඇති බව සඳහන්. එක් පුද්ගල මරණයක් සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී තිබෙනවා.

සිද්ධියෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පුද්ගලයින් 24 දෙනෙකුගේ මෘත දේහයන් මේ වනවිට ඥාතීන් වෙත භාරදී ඇති අතර, ඉතිරි මෘත දේහ 4 සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදුකරමින් පවතිනවා. ඒ අතර ඉන්දීය ජාතිකයෙකුගේ මෘත දේහයක් ද තිබෙනවා.

මරණ පරීක්ෂණ වාර්තාවල සඳහන් කර ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් කිහිපදෙනෙකු ඉතා අමානුෂික ආකාරයෙන් ඝාතනයට ලක්ව ඇති බවයි.

අධිකරණ විශේෂඥ වෛද්‍ය සූජීව වික්‍රමානයක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පස්දෙනෙකුගෙන් සමන්විත අධිකරණ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් විසින් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර තිබෙනවා.

සිද්ධියෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකුගේ දේහයන් වැලිකඩ බන්ධනාගාර විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ තැන්පත් කර තැබීමෙන් අනතුරුව ඊයේ (08) ඔවුන්ගේ ඥාතීන් වෙත භාරදීම සිදුකර තිබුණා.

එම අවස්ථාවට අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ද එක්ව සිටියා.

මියගිය නිලධාරීන් අතර බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි නිලධාරී දර්ශන තරංග අතුකෝරළ මහතා ද සිටිනවා. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (09) සිදුකෙරුණා.

රැඳවූවන්ගේ පහරදීම් හමුවේ මියගිය බන්ධනාගාර නියාමක රොෂාන් සංජීව මහතාගේ දේහය මීරිගම පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන ගොස් තිබූ අතර, අවසන් කටයුතු අද (09) මුගුරුගම්පළ සුසාන භූමියේදී සිදුකෙරුණා.

මෙම ඛේදවාචකයෙන් දිවි අහිමි වූ තවත් නිලධාරියෙකු වන වසන්ත පුෂ්පකුමාර මහතා රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහුගේ අවසන් කටයුතු පවුලේ සුසාන භූමියේදී අද (09) සිදුකර තිබෙනවා.

සැරයන් ඩිලාන් ශ්‍රී අභයවර්ධන මහතාගේ දේහය ද ඊයේ (08) කුරුණෑගල පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන ගොස් තිබූ අතර, අවසන් කටයුතු අද (09) ගොලුවාමුල්ල සුසාන භූමියේදී සිදුකෙරුණා.

සිද්ධියෙන් මියගිය එස්. එච්. ජී. චන්ද්‍රවංශ මහතාගේ දේහය තලාහේන ප්‍රදේශයේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබූ අතර, අවසන් කටයුතු අද (09) තලාහේන පොදු සුසාන භූමියේදී සිදුකර තිබෙනවා.

මෙම අවස්ථාවන් සඳහා අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් එක්ව සිටියා.