අද ප්‍රදේශ රැසකට වැසි සහ තද සුළං – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම අනාවැකියට අනුව, අද (10) දිනය තුළ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ද වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාව පවතී.
එමෙන්ම මුලතිව්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු-මැද සහ සබරගමුව පළාත් මෙන්ම මොණරාගල, පුත්තලම, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා වේගයෙන් තද සුළං හමනු ඇති බවටද අනාවැකි පළ කර ඇත.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.


