― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News“Miss Clssy Model International” රූ රැජින තරගාවලිය ජයග්‍රහණය කළ මැන්ඩි කටුනායකට

“Miss Clssy Model International” රූ රැජින තරගාවලිය ජයග්‍රහණය කළ මැන්ඩි කටුනායකට

තායිලන්තයේ පැවති Miss Classy Model International 2026 තරගයෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක්

තායිලන්තයේ පැවති Miss Classy Model International 2026 ජාත්‍යන්තර රූ රැජින තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ මැන්ඩි දිසානායක සමත් වී තිබේ. එම ජයග්‍රහණයෙන් අනතුරුව ඇය (09) පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

රටවල් 28ක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් මෙම තරගාවලිය පසුගිය ජූලි 03 වැනිදා සිට ජූලි 07 වැනිදා දක්වා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්විණි.

ජයග්‍රහණය හිමිකරගත් මැන්ඩි දිසානායක (09) පස්වරු 4.45ට තායිලන්තයේ බැංකොක් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL-405 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට ළඟා වූවාය.

ඇය පිළිගැනීම සඳහා සංවිධායකවරයෙකු වන ආචාර්ය නිර්මාල් බණ්ඩාර මහතා ඇතුළු පවුලේ ඥාතීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.