― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsටිරාන් අලස් අත්අඩංගුවට ගන්න එපා යයි නියෝග ඉල්ලා උසාවි යයි

ටිරාන් අලස් අත්අඩංගුවට ගන්න එපා යයි නියෝග ඉල්ලා උසාවි යයි

ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ රිට් පෙත්සම සලකා බැලීම 30 වැනිදා

හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම සලකා බැලීම සඳහා අභියාචනාධිකරණය මේ මස 30 වැනිදා දින නියම කර තිබේ.

සීලෝන් නිවුස් පේපර්ස් පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම, අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ශෂී මහේන්ද්‍ර සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවා ඇත.

පෙත්සම්කාර සමාගම සහ කේත්සර ලංකා පුද්ගලික සමාගම අතර සිදුවූ චෙක්පත් ගනුදෙනුවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන් වේ.

එම විමර්ශනයට අදාළව තම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන ටිරාන් අලස් මහතා ඕනෑම අවස්ථාවක අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බව පෙත්සම්කාර සමාගම අධිකරණයට දන්වා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් සමාගමේ සේවකයන් කිහිපදෙනෙකුගෙන් මේ වන විටත් ප්‍රකාශ ලබාගෙන ඇති බවත්, ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීමට ගන්නා උත්සාහය නීතියට පටහැනි බවත් පෙත්සමෙන් කරුණු ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, අදාළ විමර්ශන කටයුතු අවසන් වන තුරු ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර සමාගම අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, කේත්සර ලංකා පුද්ගලික සමාගම ඇතුළු පිරිසක් නම් කර තිබේ.